එඩිසන් සමාගම විසින් නිපදවූ මිනිත්තුවක් පමණ දිග සියළුම චිත්‍රපට අතරෙන් අසමසම/සුවිශේෂී චිත්‍රපටය වූයේ “Execution of Mary, Queen of Scots” චිත්‍රපටයයි. මෙයින් පෙන්වූයේ රැජිනක් ලෙස ඇඳගත් පුද්ගලයෙකු කුඩා පිරිසක් ඉදිරියේ දංගෙඩිය මත සිය හිස තැබීමයි. වදකයා පොරව පහත හෙළන අතර රැජිනගේ කදින් වෙන්වූ හිස පොලව මතට වැටේ. මෙම උපක්‍රමය සිදු කළේ කැමරාව නතර කර රැජින (නිළිය) වෙනුවට ව්‍යාජ පඹයෙකු (ඩමියක්) එම ස්ථානයේ තබා පොරව පහත හෙලීමට පෙර නැවත කැමරාව ක්‍රියාත්මක කිරීමෙනි. ඊලගට චිත්‍රපටිය පෙන්වන විට දර්ශනය අඛණ්ඩව ගලාගෙන යන බව පෙනෙන පරිදි කොටස් දෙක එකට එකතු කරන ලදී.
1895දී පළමු Kinetoscope යන්ත්‍ර සමඟ යුරෝපයට අපනයනය කළ චිත්‍රපටි අතර මෙම චිත්‍රපටියද තිබූ අතර එවකට පැරීසියේ Robert-Houdin රඟහලේ මැජික් දර්ශන පෙන්වමින් සිටි ජෝර්ජ් මේලීස් (Georges Melies) විසින් මෙය නරඹන ලදී. 1896දී ඔහු චිත්‍රපටි නිපදවීමට පටන්ගත් අතර එඩිසන් සමාගමේ අනෙකුත් චිත්‍රපටි අනුකරණය කිරීමෙන් පසු ඔහු විසින් ‘The vanishing lady’ චිත්‍රපටිය නිපදවන ලදී. මෙම චිත්‍රපටියෙන් පෙන්වූයේ කලින් සඳහන් කළ එඩිසන් සමාගමේ චිත්‍රපටියේ තිබූ ‘Stop motion technique’ හෙවත් චලන නැවැත්වීමේ (කැමරාව නැවැත්වීමේ) භාවිතයෙන් කාන්තාවක් අතුරුදහන්වූ දර්ශනයකි. මෙම චිත්‍රපටයෙන් පසුව Georges Melies විසින් ඊළඟ වසර කිහිපය පුරා මෙම උපක්‍රමය උපයෝගී කර ගනිමින් තනි දර්ශන (Single shot) චිත්‍රපටි බොහෝමයක් නිපදවන ලදී.
සිනමා ශිල්පයේ අනෙකුත් ප්‍රධාන/මූලික ශිල්ප ක්‍රම වූයේ චිත්‍රපටියේ ද්විත්ව නිරූපණය හෙවත් double exposure වේ. මෙය මුලින්ම සිදුකලේ ජී.ඒ. ස්මිත් විසින් 1898 ජූලි මාසයේ එංගලන්තයේදීය. 1900 දී ඔහුගේ චිත්‍රපට බෙදා හැරීම පවරාගත් Warwick Trading සමාගම විසින් ඔවුන්ගේ නාමාවලියේ (Catalogue) සඳහන් කරන ලදී.
"සැන්ටාක්ලෝස්" (1899) චිත්‍රපටයේ ජවනිකාවක්.

‘Dream vision’ හිදී උඩුකය ඡායාරූපයක් නිරූපණය කරමින් යොදන ලද දර්ශණයක් ඇතුලත්වේ.(1899)/නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගෙන් කෙනෙක් Corsican කඳුකරයේ දඩයමේ ගොස් නැවත නිවසට පැමිණෙන අතර අනෙක් සහෝදරයාගේ හොල්මන ඔහුව මුණ ගැසීමට පැමිණේ. අතිශය සූක්ෂම ඡායාරූපකරණයක් තුළින් හොල්මන පෙන්නුම් කරන ලද්දේ සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ලෙසයි. ඔහුව කඩු පහරකින් මරා දැමූ බවත් සහ පලිගැනීමට සූදානම් වන බව දැක්වීමෙන් පසුව ඔහු අතුරුදහන් වේ. හිම මත සිදු කරන මාරක ද්වන්ධ යුද්ධයක් නිරූපණය කරමින් ඊළඟ දර්ශණය පෙන්වයි. ද්වන්ධ යුද්ධය හා ඔහුගේ සහෝදරයාගේ මරණය එම දර්ශන තුළ විචිත්‍රවත්ව විස්තර කෙරෙන අතර අවසානයේදී ඔහුගේ හැගීම් මැඩපවත්වාගෙන ඔහුගේ මව කාමරයට ඇතුල්වන විට පොළව මතට ඇදවැටේ.
හොල්මන් දර්ශණය සිදුකළේ ප්‍රධාන දර්ශණය තිරගත කිරීමෙන් පසුව පසුබිම/වේදිකාව කලු වෙල්වට්වලින් රැලි කිරීමෙනි. එමෙන්ම මෙම දර්ශණය සකස්කර තිබුණේ ප්‍රතිරූපන තුළින් කිසිවක් නොපෙනෙන ආකාරයටය. එනම් ඝන ද්‍රව්‍යයක් ලෙස පෙනෙන අයුරිනි. වසරකට පසුව ස්මිත් විසින් මෙම ශිල්ප ක්‍රමය ‘Santa Claus’ චිත්‍රපටියේදීද භාවිතා කරන ලදී.
චිත්‍රපට ප්‍රදර්ශණය
මූලික වශයෙන්ම චිත්‍රපට පෙන්වනු ලබන්නේ සුවිශේෂී වූ ස්ථානයක නවකථාමය ස්වරූපයකිනි. නමුත් මෙය ප්‍රදර්ශණය කිරීමේදී මූලික සිද්ධාන්තයක් වශයෙන් ඉක්මනින් විවිධ චිත්‍රපට ශාලාවන්හි ප්‍රදර්ශණය කරන වැඩසටහන් තත්ත්වයට පත්වීම හෝ නාගරික ප්‍රදේශයන්හි පෙන්වන සැණකෙලිවලට චිත්‍රපට ගෙනගොස් තාවකාලික කූඩාරම් ගසා එහි ප්‍රදර්ශණය කරන තත්ත්වයට පත්විය. මේනිසා නිෂ්පාදන සමාගම්වල චිත්‍රපටවල සම්පූර්ණ මුද්‍රණය විකිණීම සඳහා එහි අඩියක් සඳහා මිලක් නියම කරමින් මෙම විෂය පිළිබඳව නොසලකා හරින ලදී. මූලික වශයෙන් සත 15ක නිෂ්චිත මිලක් ඇමෙරිකානු එක්සත් ජනපදය විසින්ද, සිලින් 1 ක් බ්‍රිතාන්‍ය විසින්ද පඩිය ලෙස අයකරනු ලැබිණි. අතින් පාට කරන ලද චිත්‍රපට 1900 වර්ෂයට පෙර වඩාත් ජනප්‍රිය ලෙස නිෂ්පාදනය විය. එහි අඩියක් සඳහා දෙතුන් වතාවක්ම වියදම් කිරීමට සිදුවිය. ඇමෙරිකානු චරිත කථාමය සමාගම් වැනි සමහර නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ විකිණීමට නොහැකි අසභ්‍ය චිත්‍රපට තමන්ගේම ප්‍රදර්ශණ ඒකකයන් තුළ අයුතු ලෙස භාවිතා කරන ලදී. “The Nickelodeon” නම් චිත්‍රපටිය අන් සෑම චිත්‍රපටයක්ම අභිබවා යමින් අති සාර්ථක ලෙස Pittsburgh හි ස්ථිර චිත්‍රපට ශාලාවක් තුළ ප්‍රදර්ශණය ආරම්භ කෙරුණි. එම දිනයන්හි වැඩිපුර විනාඩි ගණන් දුවනා අවම වශයෙන් පැය බාගයක්වත් දුවන වැඩසටහන් සහ සතියෙන් සතිය වෙනස්වන සුළු දේශීය ප්‍රේක්ෂකයින්ට සමීප වන චිත්‍රපට නොසෑහෙන ලෙස තිබුණි. එක්සත් ජනපදයේ අනෙක් ප්‍රදර්ශකයින් තමන්ට ගැලපෙන දේ ඉක්මනින් අනුගමනය කරන ලදී. එමෙන්ම අවුරුදු දෙකක් තුළ දහස් ගණනින් මුදල් ඉපයීමට මෙම Nickelodeon නම් මෙහෙයුම සමත් විය. එක්සත් ජනපදයේ මෙම තත්වය ලොවපුරා චිත්‍රපට නිෂ්පාදකයින්ට චිත්‍රපට නිෂ්පාදනයට මෙන්ම චිත්‍රපට ප්‍රදර්ශණයටද 1906 සිට නායකත්වය ලබාදුනි.
Georges Melies විසින් ප්‍රථම වරට අඳුරු පසුබිමක් තුළ මෙම ශිල්ප ක්‍රමය යොදා ගන්නේ ‘The Cave of the Demons’ චිත්‍රපටියේදීය.