Friday, December 9, 2011

1895 සිට 1906 දක්වා චිත්‍රපටි


                                                එඩිසන් සමාගම විසින් නිපදවූ මිනිත්තුවක් පමණ දිග සියළුම චිත්‍රපට අතරෙන් අසමසම/සුවිශේෂී චිත්‍රපටය වූයේ “Execution of Mary, Queen of Scots” චිත්‍රපටයයි. මෙයින් පෙන්වූයේ රැජිනක් ලෙස ඇඳගත් පුද්ගලයෙකු කුඩා පිරිසක් ඉදිරියේ දංගෙඩිය මත සිය හිස තැබීමයි. වදකයා පොරව පහත හෙළන අතර රැජිනගේ කදින් වෙන්වූ හිස පොලව මතට වැටේ. මෙම උපක්‍රමය සිදු කළේ කැමරාව නතර කර රැජින (නිළිය) වෙනුවට ව්‍යාජ පඹයෙකු (ඩමියක්) එම ස්ථානයේ තබා පොරව පහත හෙලීමට පෙර නැවත කැමරාව ක්‍රියාත්මක කිරීමෙනි. ඊලගට චිත්‍රපටිය පෙන්වන විට දර්ශනය අඛණ්ඩව ගලාගෙන යන බව පෙනෙන පරිදි කොටස් දෙක එකට එකතු කරන ලදී.

                                            1895දී පළමු Kinetoscope යන්ත්‍ර සමඟ යුරෝපයට අපනයනය කළ චිත්‍රපටි අතර මෙම චිත්‍රපටියද තිබූ අතර එවකට පැරීසියේ Robert-Houdin රඟහලේ මැජික් දර්ශන පෙන්වමින් සිටි ජෝර්ජ් මේලීස් (Georges Melies) විසින් මෙය නරඹන ලදී. 1896දී ඔහු චිත්‍රපටි නිපදවීමට පටන්ගත් අතර එඩිසන් සමාගමේ අනෙකුත් චිත්‍රපටි අනුකරණය කිරීමෙන් පසු ඔහු විසින් ‘The vanishing lady’ චිත්‍රපටිය නිපදවන ලදී. මෙම චිත්‍රපටියෙන් පෙන්වූයේ කලින් සඳහන් කළ එඩිසන් සමාගමේ චිත්‍රපටියේ තිබූ ‘Stop motion technique’ හෙවත් චලන නැවැත්වීමේ (කැමරාව නැවැත්වීමේ) භාවිතයෙන් කාන්තාවක් අතුරුදහන්වූ දර්ශනයකි. මෙම චිත්‍රපටයෙන් පසුව Georges Melies විසින් ඊළඟ වසර කිහිපය පුරා මෙම උපක්‍රමය උපයෝගී කර ගනිමින් තනි දර්ශන (Single shot) චිත්‍රපටි බොහෝමයක් නිපදවන ලදී.

                              සිනමා ශිල්පයේ අනෙකුත් ප්‍රධාන/මූලික ශිල්ප ක්‍රම වූයේ චිත්‍රපටියේ ද්විත්ව නිරූපණය හෙවත් double exposure වේ. මෙය මුලින්ම සිදුකලේ ජී.ඒ. ස්මිත් විසින් 1898 ජූලි මාසයේ එංගලන්තයේදීය. 1900 දී ඔහුගේ චිත්‍රපට බෙදා හැරීම පවරාගත් Warwick Trading සමාගම විසින් ඔවුන්ගේ නාමාවලියේ (Catalogue) සඳහන් කරන ලදී.
                                                                                        "සැන්ටාක්ලෝස්" (1899) චිත්‍රපටයේ ජවනිකාවක්.

                         ‘Dream vision’ හිදී උඩුකය ඡායාරූපයක් නිරූපණය කරමින් යොදන ලද දර්ශණයක් ඇතුලත්වේ.(1899)/නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගෙන් කෙනෙක් Corsican කඳුකරයේ දඩයමේ ගොස් නැවත නිවසට පැමිණෙන අතර අනෙක් සහෝදරයාගේ හොල්මන ඔහුව මුණ ගැසීමට පැමිණේ. අතිශය සූක්ෂම ඡායාරූපකරණයක් තුළින් හොල්මන පෙන්නුම් කරන ලද්දේ සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ලෙසයි. ඔහුව කඩු පහරකින් මරා දැමූ බවත් සහ පලිගැනීමට සූදානම් වන බව දැක්වීමෙන් පසුව ඔහු අතුරුදහන් වේ. හිම මත සිදු කරන මාරක ද්වන්ධ යුද්ධයක් නිරූපණය කරමින් ඊළඟ දර්ශණය පෙන්වයි. ද්වන්ධ යුද්ධය හා ඔහුගේ සහෝදරයාගේ මරණය එම දර්ශන තුළ විචිත්‍රවත්ව විස්තර කෙරෙන අතර අවසානයේදී ඔහුගේ හැගීම් මැඩපවත්වාගෙන ඔහුගේ මව කාමරයට ඇතුල්වන විට පොළව මතට ඇදවැටේ.


හොල්මන් දර්ශණය සිදුකළේ ප්‍රධාන දර්ශණය තිරගත කිරීමෙන් පසුව පසුබිම/වේදිකාව කලු වෙල්වට්වලින් රැලි කිරීමෙනි. එමෙන්ම මෙම දර්ශණය සකස්කර තිබුණේ ප්‍රතිරූපන තුළින් කිසිවක් නොපෙනෙන ආකාරයටය. එනම් ඝන ද්‍රව්‍යයක් ලෙස පෙනෙන අයුරිනි. වසරකට පසුව ස්මිත් විසින් මෙම ශිල්ප ක්‍රමය ‘Santa Claus’ චිත්‍රපටියේදීද භාවිතා කරන ලදී.

චිත්‍රපට ප්‍රදර්ශණය

                           මූලික වශයෙන්ම චිත්‍රපට පෙන්වනු ලබන්නේ සුවිශේෂී වූ ස්ථානයක නවකථාමය ස්වරූපයකිනි. නමුත් මෙය ප්‍රදර්ශණය කිරීමේදී මූලික සිද්ධාන්තයක් වශයෙන් ඉක්මනින් විවිධ චිත්‍රපට ශාලාවන්හි ප්‍රදර්ශණය කරන වැඩසටහන් තත්ත්වයට පත්වීම හෝ නාගරික ප්‍රදේශයන්හි පෙන්වන සැණකෙලිවලට චිත්‍රපට ගෙනගොස් තාවකාලික කූඩාරම් ගසා එහි ප්‍රදර්ශණය කරන තත්ත්වයට පත්විය. මේනිසා නිෂ්පාදන සමාගම්වල චිත්‍රපටවල සම්පූර්ණ මුද්‍රණය විකිණීම සඳහා එහි අඩියක් සඳහා මිලක් නියම කරමින් මෙම විෂය පිළිබඳව නොසලකා හරින ලදී. මූලික වශයෙන් සත 15ක නිෂ්චිත මිලක් ඇමෙරිකානු එක්සත් ජනපදය විසින්ද, සිලින් 1 ක් බ්‍රිතාන්‍ය විසින්ද පඩිය ලෙස අයකරනු ලැබිණි. අතින් පාට කරන ලද චිත්‍රපට 1900 වර්ෂයට පෙර වඩාත් ජනප්‍රිය ලෙස නිෂ්පාදනය විය. එහි අඩියක් සඳහා දෙතුන් වතාවක්ම වියදම් කිරීමට සිදුවිය. ඇමෙරිකානු චරිත කථාමය සමාගම් වැනි සමහර නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ විකිණීමට නොහැකි අසභ්‍ය චිත්‍රපට තමන්ගේම ප්‍රදර්ශණ ඒකකයන් තුළ අයුතු ලෙස භාවිතා කරන ලදී. “The Nickelodeon” නම් චිත්‍රපටිය අන් සෑම චිත්‍රපටයක්ම අභිබවා යමින් අති සාර්ථක ලෙස Pittsburgh හි ස්ථිර චිත්‍රපට ශාලාවක් තුළ ප්‍රදර්ශණය ආරම්භ කෙරුණි. එම දිනයන්හි වැඩිපුර විනාඩි ගණන් දුවනා අවම වශයෙන් පැය බාගයක්වත් දුවන වැඩසටහන් සහ සතියෙන් සතිය වෙනස්වන සුළු දේශීය ප්‍රේක්ෂකයින්ට සමීප වන චිත්‍රපට නොසෑහෙන ලෙස තිබුණි. එක්සත් ජනපදයේ අනෙක් ප්‍රදර්ශකයින් තමන්ට ගැලපෙන දේ ඉක්මනින් අනුගමනය කරන ලදී. එමෙන්ම අවුරුදු දෙකක් තුළ දහස් ගණනින් මුදල් ඉපයීමට මෙම Nickelodeon නම් මෙහෙයුම සමත් විය. එක්සත් ජනපදයේ මෙම තත්වය ලොවපුරා චිත්‍රපට නිෂ්පාදකයින්ට චිත්‍රපට නිෂ්පාදනයට මෙන්ම චිත්‍රපට ප්‍රදර්ශණයටද 1906 සිට නායකත්වය ලබාදුනි.

                              Georges Melies විසින් ප්‍රථම වරට අඳුරු පසුබිමක් තුළ මෙම ශිල්ප ක්‍රමය යොදා ගන්නේ ‘The Cave of the Demons’ චිත්‍රපටියේදීය.

චිත්‍රපට ඉතිහාසය

                                           චිත්‍රපට ඉතිහාසය, 19 වැනි සියවසේ අග භාගයේ සිට 21 වැනි සියවසේ ආරම්භය දක්වා අවුරුදු සිය ගණනකට විහිද යයි. චිත්‍රපට කලාව මූලාරම්භයේ සිට ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙසද වර්ධනය විය. චිත්‍රපට මඟින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. චිත්‍රපටියේ උපත ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වැනි දින එංගලන්තයේ, බටහිර යෝක්ෂයේ, ලීඩ්ස්, රවුන්ඩ්හේ හි දී චිත්‍රපටයට නගන ලද “රවුන්ඩ්හේ ගාඩ්න් සීන්” නිපදවීමත් සමඟ (Roundhay Garden Scene,) සිදුවිය. දැනට ඉතිරි වී ඇති මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ මෙය පිළිගැනේ. 1878 දී ලේලන්ඩ් ස්ටෑන්ෆෝර්ඩ්ගේ අනුග්‍රාහකත්වය යටතේ, එඩ්වඩ් මයිබ්‍රිජ් විසින් “ඔසිඩන්ට්” නැමැති අශ්වයෙකුගේ වේග චලන, ත්‍රිමානේක්ෂ කැමරා 12 ක ශ්‍රේණියක් භාවිතා කර කැමරාගත කරනු ලැබීය. මෙම ප්‍රථම අත්දැකීම ජුනි 11 වැනි දින කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ගොවිපලේ දී සිදු කෙරුණි. මෙහි කැමරා, අශ්වයාට සමාන්තර මාර්ගයක සකසා තිබුණ අතර, සෑම කැමරා පියනක්ම අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ ධාවන අඩි 20ක් ආවරණය කිරීම සඳහා වෙනම කැමරාවක් තිබූ අතර තත්පරයෙන් දහසෙන් එකක් වැනි අවස්ථා පවා ඡායාරූපයට නගන ලදී. 1893 දී චිකාගෝහි ලෝක කොලොම්බියානු ප්‍රදර්ශනයේ දී, මයිබ්‍රිජ් විසින්, සත්ව සංචාරණය පිළිබඳ දේශන මාලාවක් පවත්වනු ලැබීය. එම දේශන මාලාව ප්‍රදර්ශනය කළ “Midway Plaisance" ශාඛාව ඒ ප්‍රථම වානිජ සිනමා ශාලාව බවට පත් කෙරිණි. පසුව ඔහුගේ “zoopraxiscope” උපකරණය භාවිත
                                         රූප පේළියක් අඩංගු ප්‍රායෝගික ආකාරයක සෙලියුලොයිඩ් පටියක් නිර්මාණය කිරීමේ ගෞරවය, එඩ්සන් රසායනාගාරයන්හි ප්‍රධාන ඉංජිනේරු, විලියම් කෙනඩි ලෝරි ඩික්සන් මහතාට හිමිවේ. මෙම චලන රූප කැමරාගත කිරීමේදී සිහින්ව කපා ඉන්පසු රත් වූ පීඩන තහඩු මඟින් ඉවත් කරනු ලැබේ. ඉන් අනතුරුව ඒවා ඡායා සංවේදී ජෙලටීන් දිස්නමය ආලේපයකින් වසනු ලැබේ. 1893 දී චිකාගෝ ලෝක සැණකෙලියේ දී තෝමස් එඩිසන් විසින් මහජනතාවට මෙම අලුත් නිමැවුම මත පදනම් වූ ප්‍රධාන නිමැවුම් 2 ක් හඳුන්වා දෙනු ලැබීය. එනම් ප්‍රථම ප්‍රායෝගික චලන රූප කැමරාව වන “Kinetoscope” යයි. මෙහි පසුව සඳහන් කළ උපකරණය මඟින් චිත්‍රපටයේ සෙලියුලොයිඩ් පටය අඛණ්ඩ තාපදීප්ත ලාම්පුවක් මඟින් ආලෝකමත් වූ අතර (මෙයට විදුලි මෝටරයක් මඟින් ශක්තිය සපයන ලදී) එය කුඩාදේ විශාල කර බලන කාචයකින් දර්ශනය විය. නරඹන්නා විසින් උපනෙතක් තුළින් රූපය නරඹන ලදී. මෙම “Kinetoscope” හි ඇතුළත, ඩික්සන් විසින් එඩිසන්ගේ “Black Maria" චිත්‍රාගාරයේ දී ඡායාරූපගත කරන ලද අඩි 50 චිත්‍රපට කොටස්වලින් සමන්විත විය. මෙමඟින් සාමාන්‍ය රසවත් නොවන සිදුවීම් (1894 දී “ෆ්‍රෙඩ් ඔට්ගේ කිවිසුම” වැනි) මෙන්ම කරනම් වැනි විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රියා, සංගීත ශාලා රැගුම් දක්වන්නන් සහ බොක්සිං නිරූපන ආදිය පටිගත කරනු ලැබුණි. “Kinetoscope” සාර්ථක ලෙස යුරෝපය කරා පැතිරිණි. කෙසේ නමුත්, ඔවුන් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ පෙර පරීක්ෂණ සහ නව නිමැවුම් පිළිබඳ බොහෝ විශ්වාසය තබා සිටි බැවින්, එඩිසන් කිසිම දිනක අත්ලාන්තික්හි අනෙක් පැත්තට මෙම උපකරණවල පේටන්ට් බලය ලබා දුන්නේ නැත. මෙය බ්‍රිතාන්‍ය විදුලි ශිල්පී සහ විද්‍යාත්මක උපකරණ නිපැයුම්කරුවකු වන රොබට් ඩබ්. පෝල් සහ ඔහුගේ සහායක බර්ට් ඒකර්ස් විසින් අලුතින් නිපදවන ලද කැමරාව වැනි අනුකරණයන් නිපදවීම සඳහා තුඩු දුන්නේය. පෝල්ගේ අදහස වූයේ චලන චිත්‍රයන් තනි නරඹන්නන්ට වඩා ප්‍රේක්ෂක කණ්ඩායම්වලට ප්‍රදර්ශනය කිරීමයි. එබැවින් ඔහු චිත්‍රපට ප්‍රක්ෂේපකයක් නිපද වූ අතර, 1895 දී එහි ප්‍රථම මහජන ප්‍රදර්ශණය පැවැත්විය. 
                                            මෙම වකවානුවේ දීම, ප්‍රංශයේ Auguste සහ Louis Lumière යන දෙපල විසින්, කැමරාව, මුද්‍රණ යන්ත්‍රය සහ ප්‍රක්ෂේපකය යන 3 ම එකට එක්කොට අතේ ගෙන යා හැකි උපකරණයක් වන “cinematograph” නිර්මාණය කළේය. 1895 අගභාගයේ පැරීසි නගරයේ Antoine Lumière පියතුමා විසින් මහජනයාගෙන් මුදල් අය කරමින් ප්‍රක්ෂේපිත චිත්‍රපට ප්‍රදර්ශණය ආරම්භ කළේය. මෙමඟින් ප්‍රක්ෂේපනය සඳහා අවශ්‍ය මාධ්‍යය පිළිබඳ සංවාදයක් ආරම්භ විය. (1990 ,කුක්) “Workers Leaving the Lumière Factory” සහ “The Sprinkler Sprinkled” වැනි හාස්‍යජනක නාට්‍ය (1895) නිපදවීමත් සමඟ ඔවුන් ඉතා ඉක්මණින් යුරෝපියෝ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදකයන් බවට පත්විය. ආරම්භයේ දී ප්‍රක්ෂේපනය හෙළා දකිනු ලැබු එඩිසන් ද, මාස 6 කට අඩු කාලයක දී “Vitascope” සමඟ මෙම රැල්ලට එකතු විය. යුරෝපයේ ප්‍රථම චලන රූප චිත්‍රපටවල හිමිකාරීත්වය සහ ප්‍රදර්ශණ අයිතිය බර්ලින්හි මැක්ස් සහ එමිල් ස්ක්ලැඩනොවුස්කි සතු වන අතර ඔවුන් එය 1895 නොවැම්බර් 1 වැනි දින සිට 31 වැනි දින දක්වා "Bioscop" නැමැති චංචලන රහිත ද්විත්ව නිර්මාණ උපකරණය මඟින් ප්‍රක්ෂේපණය කළහ. එම වර්ෂයේදීම මැයි මාසයේ දී ඇමරිකාවේ ඉවුජීන් ඔග්ස්ටින් ලෝස්ටේ විසින් Latham පවුල වෙනුවෙන් ඔහුගේ Eidoloscope උපකරණය නිර්මාණය කරනු ලැබීය. නමුත් ප්‍රථම මහජන චිත්‍රපට පෙර දැක්වීම කරනු ලැබුවේ ජීන් අයිමේ “ඇක්මේ” ලි රොයි නම් ප්‍රංශ ඡායාරූප ශිල්පියා විසිනි. ඔහු විසින් ඔහුගේ 40 වැනි උපන්දිනය යෙදී තිබූ 1894 පෙබරවාරි 5 වැනි දින ඔහුගේ “ආශ්චර්යමත් සිනමා රූප” නිව්යෝර්ක් නඟරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමකට ප්‍රදර්ශණය කළේය. එකල චිත්‍රපට බොහොමයක් තාවකාලික වෙළෙඳසැල් ඉදිරිපිට අවකාශයෙහි සහ සංචාරක ප්‍රදර්ශකයන් හෝ විවිධ ප්‍රසංග වැඩසටහන් ආදිය හරහා දක්නට ලැබුණි. එක් චිත්‍රපටයක් මිනිත්තු එකක කාල සීමාවකට යටත් වූ අතර සාමාන්‍යයෙන් එහිදී එක් ජවනිකාවක් ප්‍රදර්ශණය කෙරුණි. ඊට තාත්වික හෝ වේදිකාමය, එදිනෙදා ජීවිතය පිළිබඳ මහජන ක්‍රියාකාරකම් ක්‍රීඩා අංගයක් හෝ විනෝදජනක නාට්‍යයක් ඇතුළත් විය. මෙය තුළ සිනමා රූපී තාක්ෂණික ක්‍රම ඉතා අල්ප හෝ නැති තරම් විය. එමෙන්ම ඒවායෙහි සංස්කරණයක් කර නොතිබු අතර සාමාන්‍යයෙන් කැමරා චලන ද නොමැති නීරස නාට්‍යමය රචනා විය. නමුත් නවීන තාත්විකමය චලන ඡායාරූප, සියවස අවසාන වීමට පෙර ලෝකය පුරා රටවල චිත්‍රපට කර්මාන්තය වේගයෙන් පැතිර යාමට හේතු විය.

කරමින් ඔහුගේ චලන චිත්‍රයන් මහජනතාවගෙන් මුදල් අයකර ප්‍රදර්ශණය කරනු ලැබීය.

"HOLLYWOOD"This article is about the district in Los Angeles.

Hollywood
—  District of Los Angeles  —
The world-famous Hollywood Sign
Nickname(s): Tinseltown,
The Entertainment Capital of the World





Hollywood is located in Los Angeles
Hollywood
Location within Central Los Angeles





Hollywood is located in Los Angeles
Hollywood
Location within Western Los Angeles
Coordinates: 34°6′0″N 118°20′0″W
Country United States
State California
County County of Los Angeles
City City of Los Angeles
Government
 • City Council Eric Garcetti, Tom LaBonge
 • State Assembly Mike Feuer (D), Vacant
 • State Senate Curren Price (D), Gilbert Cedillo (D)
 • U.S. House Xavier Becerra (D), Diane Watson (D), Henry Waxman (D)
Area[1]
 • Total 24.96 sq mi (64.6 km2)
Population (2000)[1]
 • Total 123,435
 • Density 4,945/sq mi (1,909.3/km2)
ZIP Code 90027, 90028, 90029, 90038, 90046, 90068
Area code(s) 323
Hollywood is a famous district in Los Angeles, California, United States situated west-northwest of downtown Los Angeles.[2] Due to its fame and cultural identity as the historical center of movie studios and movie stars, the word Hollywood is often used as a metonym of American cinema. Today, much of the movie industry has dispersed into surrounding areas such as the Westside neighborhood,[3] and the San Fernando and Santa Clarita Valleys, but significant auxiliary industries, such as editing, effects, props, post-production, and lighting companies remain in Hollywood, as does the backlot of Paramount Pictures.
On February 16, 2005, California Assembly Members Jackie Goldberg and Paul Koretz introduced a bill to require California to keep specific records on Hollywood as if it were independent, although it is not the typical practice of the City of Los Angeles to establish specific boundaries for districts or neighborhoods. For this to be done, the boundaries were defined. The bill was unanimously supported by the Hollywood Chamber of Commerce and the Los Angeles City Council. Assembly Bill 588 was approved by the Governor of California on August 28, 2006, and now the district of Hollywood has official borders. The border can be loosely described as the area east of West Hollywood, south of Mulholland Drive, Laurel Canyon, Cahuenga Boulevard, and Barham Boulevard, and the cities of Burbank and Glendale, north of Melrose Avenue and west of the Golden State Freeway and Hyperion Avenue. This includes all of Griffith Park and Los Feliz[citation needed] – two areas that were hitherto considered separate from Hollywood by most Angelenos.[who?] The population of the district, including Los Feliz, as of the 2000 census was 123,436 and the median household income was $33,409 in 1999.[1]
As a district within the Los Angeles city limits, Hollywood does not have its own municipal government. There was an official, appointed by the Hollywood Chamber of Commerce, who served as an honorary "Mayor of Hollywood" for ceremonial purposes only. Johnny Grant held this position from 1980 until his death on January 9, 2008.[4] However, no replacement has ever been named after Grant's death.